ඉන්ධන හලක ආරක්ෂාවට සිටි නාවික භටයකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ ගත් පුද්ගලයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට

 


විශාල ජනතාවක් ඒකරාශිව සිටි ජාඇළ – ඒකල ප්‍රදේශයේ ඉන්ධන බෙදා හරිමින් සිටි ඉන්ධන හලක පසුගියද (22) වැනිදා පොලිස් නිලධාරීන්ද සමග එහි ආරක්ෂාවට සිටි නාවික භටයකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ ගත් පුද්ගලයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව ජාඇළ පොලිසිය පවසයි.

මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ජාඇල පොලිසිය පවසා ඇත.

අදාළ සිද්ධිය වූ අවස්ථාවේ එක් සැකකරුවකු එම අවස්ථාවේ ඉන්ධන හලේ ආරක්ෂාවට සිටි නාවික භටයකුගේ ගිනි අවිය පැහර ගැනීමට වෙරදරණ අයුරු ඉන්ධන හලේ සීසීටීවී කැමරාවේ පැහදිලිව පටිගත වී ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ජාඇළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජී. ඩී. රත්නායක මෙහෙයවීම මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක , පොලිස් සැරයන් (35599) වන්නිනායක , පොලිස් කොස්තාපල් (24346) සිල්වා යන නිලධාරින් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යනු ලබන බවට වාර්තා වී තිබේ.

Post a Comment

0 Comments