මෙරට ඉන්ධන ආනයනය කිරීම පිටුපස මහා වංචාවක් සිදුවන බව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජේෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ රජයේ අමාත්‍යවරයකු ද මීට සම්බන්ධ යයි කරුණු වාර්තා වන බවත් ප්‍රනාන්දුලා කිහිපදෙනෙකු මෙයට එක්වී ඇති බවත්ය.
හදිසි මිලදී ගැනීම් සඳහා ආණ්ඩුව සහ තෙල් සංස්ථාවේ පිරිස් වැඩි කැමැත්තක් දක්වන බවත් ඒ අතයට ගනුදෙනු ඒ ඔස්සේ සිදු කිරීමට හැකිවන නිසා බවත් ඔහු පෙන්වා දෙයි.
ඉන්ධන අර්බුදය සඳහා අවශ්‍ය මුදල් රට තුල පවතින නමුත් රාජපක්ෂ ආණ්ඩුව ඉන්ධන අර්බුදය විසඳීම සඳහා සැලසුම් සහගතව ක්‍රියාමාර්ග නොගන්නා බවද ඔහු කියයි.
රට තුළ අර්බුදයක් පවත්වාගෙන යමින් බලාපොරොත්තු වන්නේ රටේ ජනතාවගේ වින්දනය කොට ඔවුන්ට අවශ්‍ය ය අනෙක් සැලසුම් ක්‍රියාත්මක කිරීමට බවද ඔහු අවධාරණය කරයි.
අන්තර්ජාල නාලිකාව සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.


0 Comments