සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් තරගයේදි එක්දින ක්‍රිකට් දිවියේ සිය මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට චාමික කරුණාරත්න සමත් විය.
නොදැවී පන්දුවට පහරදෙක චාමික කරුණාරත්න මේ වන විට ලකුණූ 62ක් රැස්කර ගෙන සිටියි.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණූ 26ක් රැස්කර ගත්තේය.
දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ කඩුළු රැසක් ඉතාමත් අඩු පන්දුවාර සංඛ්‍යාවකදී දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය.
පන්දු යැවීමේදී ජොස් අසල්වූඩ් සහ මැතිව් කුනේමන් කඩුළු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල මේ වන විට පන්දුවාර 41ක් අවසානයේ කඩුළු 9ක් දැවී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 145 කි.


0 Comments