ඉන්ධන පෝලිමක සිටි තරුණයෙකු වූ වාහනයකට යට වී මරණයට පත් වී තිබේ.
අනුරාධපුර පුත්තලම මාර්ගයේ පණ්ඩුලගම ඉන්ධන පිරවුම්හල අසල මෙම සිදුවීම සිදුව ඇත.
යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීම සඳහා අද අලුයම කාලයේ සිට පෝලිමේ රැඳී සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.
මාර්ගයේ වාහන පෝලිම හේතුවෙන් තවත් වාහනයකට ගමන් කිරීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නැති ස්ථානයක දී මෙම අනතුර සිදුව ඇත.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19ක් වන තරුණයෙකි.
ඔහු විදේශගත වීම සඳහා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට යාම සඳහා යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීමට ගොස් තිබිණි.


0 Comments