රට තුළ උද්ගතව ඇති බරපතල ඉන්ධන අර්බුදය හමුවේ මේ වන විට විවිධ ඉන්ධන ජාවාරම් ක්‍රියාත්මක වන බව ඛනිජ තෙල් සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඔවුන් අවධාරණය කරන්නේ විශේෂයෙන්ම පෙට්රල් වෙනත් පාර්ශ්ව වලින් මිලදී ගැනීමේදී අතිශයින් සැලකිලිමත් විය යුතු බවයි.
මේ වන විට පෙට්‍රල් වලට විවිධ රසායන ද්‍රව්‍ය මිශ්‍ර කර අළෙවි කිරීමේ කූට ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ඛනිජ තෙල් සංස්ථාවට ලැබී ඇති බවයි ඔවුන් පවසන්නේ.
ඇතැම් ත්‍රිරෝද රථ හිමිකරුවන් සංවිධානාත්මක ලෙස මෙම ජාවාරමේ යෙදෙන බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පෙන්වා දෙනවා.


0 Comments