මන්ත්‍රීවරයෙක් ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට

 


මැයි මස 9 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (21) පස්වරුවේ ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් පිරිස අතර මොරටුව නගර සභාවේ මන්ත්‍රීවරයෙකු, එම නගර සභාවේ නගරාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්වරයෙකු, මොරටුව නගර සභාවේ ආරක්ෂක නියාමකවරයෙකු, එහි සෞඛ්‍ය කම්කරුවෙකු සහ එම නගර සභාවේ කම්කරුවෙකු වේ.

එම සැකකරුවන් අද (22) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

Post a Comment

0 Comments