අවසන් තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

 


ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය කඩුළු 4 කින් ජය ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (24) සමත් විය.

කෙසේ වෙතත් තරගාවලියේ ජය 3ට 2ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

අද පැවැති පස්වන තරගයේ මුලින්ම  පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 43යි පන්දු 1දි සියලුදෙනා ලකුණු 160කට දැවී ගියේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ චාමික කරුණාරත්න ලකුණු 75ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් ද සමගිනි.

චාමික  මෙලෙස වාර්තා කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල අර්ධ ශතකයයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 26යි.

ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා ඕස්ට්‍රේලියානු පිල ලකුණු 161ක් ලබාගත යුතු තිබිණි.

ඕස්ට්‍රේලියානු පිල පන්දුවාර 39යි පන්දු 3ක් තුළ කඩුළු 6ක් දැවී ලකුණු 164 ක් රැස්ගෙන තරග ගැනීමට සමත් විය.

ඒ අනුව මෙම තරගාවලියේ තරග 3ට 2ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි වුනේ වසර 30කට පසුවයි.

පස්වන තරගයේ වීරයා සම්මානය ලකුණු 75ක් රැස්කර ගත් චාමික කරුණාරත්නට හිමිවිය.

තරගාවලියේ වීරයා සම්මානය පිත්තෙන් දස්කම් දැක්වූ කුසල් මෙන්ඩිස්ට හිමිවිය.

Post a Comment

0 Comments