නුදුරේදීම වට්සැප් හි දැවැන්ත වෙනසක්...

 



වට්සැප් ගූගල් ප්ලේ බීටා (WhatsApp Google Play Beta) වැඩසටහන හරහා නව යාවත්කාලීනයක් (Update) නිකුත් කරන අතර, අනුවාදය (Version) 2.23.10.14 යාවත්කාලීන කරන බව වට්සැප් බීටා වාර්තා කරයි.


මෙම නව යාවත්කාලීනයට අනුව, වට්සැප් නාලිකා හඳුන්වාදීමේ විශේෂාංගයක් හඳුන්වාදීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


Android 2.23.8.6 යාවත්කාලීනය වට්සැප් බීටා නාලිකා මත පරික්ෂා කරමින් පවතී.


මෙම විශේෂාංගය සමඟින්, පරිශීලකයින්ට ප්‍රවෘත්ති ලබා ගැනීමට අවශ්‍ය වෙනත් පුද්ගලයින්ගෙන් ප්‍රයෝජනවත් යාවත්කාලීන කිරීම් පහසුවෙන් ලබා ගත හැකි වේ.


මෙම වට්සැප් නාලිකා අනුගාමිකයින්ට ඔබගේ නම, දුරකථන අංකය, ඔගේ ඡායාරූපය (DP) සහ නාලිකා නව පුද්ගලික ස්ථානයක් බවට පත් කිරීම තුළින් ඔබේ පෞද්ගලිකත්වය සැමවිටම ආරක්ෂා වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.


වට්සැප් නාලිකා සමඟින්, ඔබට යම් ප්‍රේක්ෂක පිරිසකට වැදගත් වන යාවත්කාලීන බෙදා ගත හැකි අතර, ඔබට පුවත්, සිදුවීම්, සහ තවත් දේ බෙදා ගැනීමට අසීමිත අනුගාමිකයින් (Followers) සමඟ සම්බන්ධ විය හැකි බව වාර්තා වේ.


නාලිකා නිර්මාණය කිරීමේ හැකියාව සංවර්ධනය වෙමින් පවතින අතර එය බීටා පරීක්ෂකයින් වෙත මුදා හරිනු ඇත.

Post a Comment

0 Comments