අද රාත්‍රී කාලයේ හෝ හෙට උදෑසන වනවිට පෘථිවියට බලපෑම් ඇති කළ හැකි සූර්ය කුණාටුවක් පොළවට ළඟා වනු ඇති බව නාසා ආයතනය සඳහන් කරයි.
එම සූර්ය කුණාටුව මගින් දීප්තිමත් ‘අවුරෝරා’ ආලෝකධාරා ඇති වනු ඇති බවද ඒ හරහා විදුලි ජාල පද්ධති වලට බලපෑම් ඇති වනු ඇති බවද ඔවුන් නිවේදනය කරයි.
මෙසේ සූර්ය කුණාටු ඇති වීමට හේතුව සූර්යයා තම ප්‍රබල බලශක්තිය පිටතට නිකුත් කිරීමයි.
මෙම මාසය ආරම්භයේ සිටම ප‍්‍රබල සූර්ය කුණාටු කිහිපයක් සිදුවී ඇති බවද නිවේදනය කර ඇත.
0 Comments