ආණ්ඩු බලය එකම එක වතාවක් ජාතික ජන බලවේගයට ලබාදී බලන්නැයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඉල්ලා සිටියි.
වසර පහක කාලයකට බලය ලබා දෙන ලෙසත් එම තීන්දුව වැරදුනත් පසුතැවිය යුතු නැති බවත් ඔහු පැවසුවේය.
හැත්තෑපස් වසරක් තිස්සේ වැරදි තීන්දු ගත් නිසා තවත් වසර පහක් අත්හදා බැලීමක් සඳහා කාලය පැමිණ ඇති බවත් ඒ මහතා පැවසීය.
පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා විශ්වාසය තැබිය හැකි එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය බවත් ඔහු පෙන්වා දෙයි.
ජාතික ජන බලවේගය විසින් පවත්වන ලද ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේ කරන ලදී.
0 Comments