ජන ජීවිතය විනාශ කළ නාමල්ලා,සාගරලා පුළුවන්නම් අයවැයට විරුද්ධව චන්දය දෙන ලෙස තමා අභියෝග කරන බව පැවසීමත් සමඟ ආණ්ඩුව තුල අර්බූදය තවත් ත්‍රීව්ර වී ඇතැයි වාර්ථාවේ.
රනිල් කාංචන,සේමසිංහ,ලන්සා,රණතුංග ඇතුලු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය මේ වන විටත් ඔහු වෙත දිනාගෙන ඇති බවත්,ඉතිරි කීප දෙනා බිය වැද්දීම සඳහා ලන්සා ලවා ප්‍රහාර එල්ල කරන්නට පටන් ගෙන ඇති බවත්,නාමල්ලාට අභියෝග කිරීමට ලන්සාට හයිය දෙන්නේ රනිල් බව දැන් කාටත් පැහැදිලි යැයි දේශපාලන විචාරකයෝ පවසති.
මේනිසා පොහොට්ටුවේ පසුපස ගිය ඉතිරි කොටස්ද විකල්පව කුමක් කළයුතු දැයි විමසමින් කලකිරීමෙන් සිටින බවත් වාර්ථාවේ.
රනිල් මේ අනුව පොහොට්ටුවේ මන්ත්‍රීලා වැඩි කොටසද, ශ්‍රීලංකා එකද,සජබ වැඩි කොටසද දිනාගෙන දක්ෂිණාංශික කඳවුර ශක්තිමත් කරමින් නැවත බලය ගැනීම සඳහා විවිධ උපඋපායන් යොදමින් සිටින අතර,සාම්ප්‍රදායක වමේ පක්ෂ,මාලිමාව හා ප්‍රගතිශීලි අනෙකුත් පක්ෂ තවමත් පුළුල් වාමාංශික පෙරමුණක් නොහදා කල්මරමින් නිහඬව සිටින්නේ නව ලිබරල් වාදයට හා IMF එකට බැලමෙහෙවර කරන නිසාද නැත්නම් පීඩිත පංතියේ ජනතා හදගැස්මේ දෝංකාරය ඔවුන්ටද හදුනා ගැනීමට නොහැකි නිසාද යන්න ඒ ඒ පක්ෂ වල පාක්ෂිකයන් අසන්නට පටන් ගෙන ඇති බව වාර්ථාවේ..
වාම සමාජ ව්‍යාපාරය.

0 Comments