සංචාරක හෝටල් සදහා එලළුව නිකුත් කිරිමේදි පැවති මිල දර්ශනය (06) දින වන විට අධික ලෙස ඉහල ගොස් ඇති බව නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඒ බැව් කියා සිටියේ (06) දින නුවරඑලිය ප්‍රදේශයේදි මාධ්‍යට අදහස් දක්වමිණි.
මාධ්‍යට අදහස් දක්වමින් නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ,
දැනට වසර ගණනාවක කාලයක් පුරාවට දෙසැම්බර් ජනවාරි යන මාසවල සංචාරකයන් බහුලව ශ්‍රී ලංකාවට පැමිණෙන කාලවලදී සහ සාමාන්‍ය දින වලදි රුපියල් 500 – 1000 අතර සාමාන්‍ය මිලකට පවතින සංචාරක හෝටල් සඳහා ලබාදෙන විශේෂ එළවළු වල මිල අද වන විට ඉතිහාසයේ වාර්තා වූ වැඩිම මිල වාර්තා වෙලා තිබෙනවා ,
ඒ අනුව රුපියල් 1500 – 6000 අතර මිලකට එම එළවළු වැඩි වෙලා , එළවළු වගා කරන ඉතිහාසයට මෙහෙම මිළක් ගියාමයි මේක තමා එළවළු වලට ලැබුණු ඉතිහාසගත වැඩිම මිළ ,
වර්ෂ අවසාන නත්තල් නිවාඩුවට මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා අවශ්‍ය කරන එළවළු සැකසීම වෙනුවෙන් ගොවියෝ මාස හතරක කාලෙක ඉඳන් සැලසුම් කරනවා ,
එවකට තිබුණු රජයවල් වලින් හා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ද ඒකට අවශ්‍ය සහයෝගය අපට ලැබුණා ,
වර්තමාන රජයෙන් හා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඒ සහයෝගය ලැබෙන්නේ නැහැ ,
මාස ගණනාවක තද වර්ෂාවත් එක්ක එළවළු බොහෝමයක් නාස්ති වුණා එළවළු සඳහා යොදන පෝෂක බොහොමයක් වෙළඳපොළේ නැහැ එයට වගකියන්න අවශ්‍ය වන්නේත් වර්තමාන කෘෂිකර්ම ප්‍රතිපත්ති හදන මිනිස්සුම තමයි ,
සංචාරක හෝටල් සඳහා අත්‍යවශ්‍යම එළවළු කිහිපයක් තිබෙනවා ඒ අතරන් බ්‍රොකෝලි අද රුපියල් 5000ක් මිල සටහන් වුණත් ඒ ගානට වත් හොයාගන්න නැහැ ,
සාමාන්‍ය සලාද කිලෝ එකක් රුපියල් 1500ක වැනි මුදලකට තොග දන්නවා ,
රතු සලාද කිලෝවක් රුපියල් රුපියල් 1700 , මින්චි කිලෝවක් රුපියල් 700 , කොත්තමල්ලි කිලෝවක් රුපියල් 1000 වත් හොයාගන්න නැහැ ,
බෙල් පෙපර් කිලෝව රුපියල් 800 – 850 , සුකිනි කිලෝව් රුපියල් 1000 – 1200 යි ,
ඒ වගේම තමයි නුවරඑළිය සාමාන්‍ය එළවළු වල මිලත් අධික ලෙස ඉහළ ගිහින් තිබෙනවා ,
කැරට් කිලෝවක් රුපියල් 700 -750 , මල් ගෝවා කිලෝවක් රුපියල් 1000 – 1200 , ගෝවා කිලෝවක් රුපියල් 500 – 550 , ලීක්ස් කිලෝවක් රුපියල් 250 – 270 , රාබු කිලෝවක් රුපියල් 150 – 170 , බීට් රූට් කිලෝවක් රුපියල් 450 – 500 , අර්තාපල් කිලෝවක් රුපියල් 320 – 350 යි .
පෙර අවුරුදු වල නත්තල ආරම්භයට දින දහයකට කලින් ඉදලා නත්තල ඉවර වෙලා දින දහයක් පස්සේ වෙනකන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කිලෝ ලක්ෂ එකහමාරක් දෙකක් අතර ප්‍රමාණයක් දවසකට රටපුරා බෙදාහරිනවා ,
අද වන විට කිලෝ 40000 ක් වත් කපා ගන්න බැරි තරම් එළවලු හිඟයකට මුහුණ දීලා තිබෙනවා,
මේ තත්වයන් හරි විදිහට යථා තත්ත්වයට හැරෙන්න ඕන නම් කෘෂිකර්මාන්තය පිළිබඳ පරිණත දැනුමක් ඇති අය ඒ විශේෂ සඳහා පත් විය යුතුයි ,
ඒ අමාත්‍යවරයාගේ සිට පුංචිම තොරතුරු දක්වා සෑම කෙනෙක්ම ඇතුළත්ව ,
එවිට අපට ගැටලුකාරීත්වයකුත් තොරව කෘෂිකර්මාන්තය නගා සිටවන්නට පුළුවන් ,
ඒත් එක්කම විශේෂ දෙයක් තමයි සෑම එළවළුවක් සඳහාම යන වියදම තක්සේරු කර ස්ථාවර මිලක් ලබා දුන්නේ නම් කොවියාට ව්‍යාපාරිකයාට හා පාරිභෝගිකයාට ඕනෑම අවස්ථාවක සහනයක් වන්නට වනවා යනුවෙන් පැවසිය.
0 Comments