ශ්‍රීලනිප සන්ධානයෙනුත් ජනපති අපේක්ෂකයෙක්.

 


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ගොඩනගන නව සන්ධානයෙන් ජනාධිපති අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට නියමිත බව නිදහස් පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ගොඩනගන එම නව සන්ධානයට පත්කිරීමට නියමිත නායකත්ව මණ්ඩලය විසින් ජනාධිපති අපේක්‍ෂකයා තෝරා පත්කර ගැනීමට නියමිත බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ ගොඩනගන නව සන්ධානය පොදුජන එක්සත් පෙරමුණේ පුටුව ලකුණින් තරග කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව සුදුසු නැකතක් සකස් කර ළඟදීම නව සන්ධානය කොළඹදී එළිදැක්වීමට තීරණය කර ඇත. මේ වනවිට විවිධ පක්‍ෂ නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් 45 දෙනකුට අධික පිරිසක් පුටුව ලකුණින් සන්ධානගත වීමට කැමැත්ත පළ කර තිබෙන බවත් නව සන්ධානයට නායකත්ව මණ්ඩලයක් පත් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

තවත් පුවත් : 


Post a Comment

0 Comments