ඉදිරි ජනාධිපතිවරණය යුගයක් වෙනස් කරන මැතිවරණයක් !


ඉදිරි ජනාධිපතිවරණය 1977පැවති මහමැතිවරණය මෙන් සම්පූර්ණ යුගයක් වෙනස් කරන මැතිවරණයක් වනු ඇතැයි නිදහස ජනතා සභාවේ මහාචාර්ය චරිත හේරත් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය .මෙවර ජනාධිපතිවරණය යනු  ප්‍රථම වතාවට ජනාධිපති ලෙස පුද්ගලයකු පත්කර ගන්නවාට වඩා වැඩපිළිවෙළක් හා කංඩායමක් බලයට පත්කරන මැතිවරණයක් බව ඔහු පැවසීය .

ආර්ථික හා දේශපාලන වශයෙන් විශාල  කඩාවැටීමකට ලක්වූ ,පාතාලය රජ කරන,දූෂණය ඉහවහ ගිය ,රාජ්‍ය යාන්ත්‍රණය බරපතල අර්බුදයකට ලක්වී සිටින රටට ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ගෙනආ හැකි වැඩපිළිවෙළක් හා කංඩායමක් දිනවීම මෙවර මැතිවරණයෙදි සිදුවනු ඇතැයිද ඔහු පැවසීය .

ඒ සඳහා  IMF  න්‍යාය පත්‍රයෙන් රට මුදවාගෙන ශක්තිමත් තැනකට රට ගෙන යා හැකි කංඩායමක් දෙස ජනතාව බලනු ඇතැයිද ඔහු පැවසීය .

මේ සඳහා පළල් දේශපාලන සංවාදයක් වහාම ආරම්භ කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය .

තවත් පුවත් : 

Post a Comment

0 Comments