ජගත් මනුවර්ණ කියන්නෙ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් සහ රංගන ශිල්පියෙක් විදිහටත් හැමෝම ආදරය කරන කලාකරුවෙක්.
මේ කියන්න යන්නේ ඔහු ගැන ලැබෙන ටිකක් දුක්බර ආරංචියක්.
ජගත් මනුවර්ණ සිනමාපටයක රූගත කිරීමකදී අනතුරකට පත්ව ඇති බවට වාර්තා වෙනවා.
රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයේ පැවති රූගත කිරීමකදියි මෙම අනතුර සිදු වී තිබෙන්නේ.
සිනමාපටයට අදාල වෙඩි පිපිරවීමකදී සිදු වූ අතපසු වීමක් මෙම අනතුරට හේතු වී ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
පසුව ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා තිබෙන නමුත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත් සුළු තුවාල කිහිපයක් පමණක් සිදුව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
තවත් පුවත් :
- ක්‍රිකට් ක්‍රීඩක දිමුත් ආයෙත් ආදරයක පැටලෙයි..? - සඟවාගෙන සිටි ප්‍රේමය ගැන ඇහෙන අලුත්ම කතාව (PHOTOS)
- එංගලන්ත ප්‍රභලන් තිදෙනෙක් LPL පිටියට !
0 Comments