2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය දෙවැනි කඩුලු ත්‍රිත්වය (හැට්ට්‍රික්) ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් අද (23) සමත්විය.
ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන සුපිරි අට දෙනාගේ වටයේ තරගයේදී ලබාගත් හැට්ට්‍රික් එකත් සමගිනි.
ඔහු පසුගියදා බංග්ලාදේශයට එරෙහිව ද පිට පිට පන්දු තුනකදී කඩුලු 3ක් දවාගත්තේය.
මේ දක්වා විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලදී හැට්ට්‍රික් 8ක් වාර්තා කර ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග 2021 දී එම දස්කම කළේය.
ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයකදීය.
තවත් පුවත් :
- මෙන්න ක්‍රිකට් ලෝලීන්ට සතුටු වෙන්න පුළුවන් ආරංචියක්...
- ඇෆ්ගනිස්තාන - ඔස්ට්‍රේලියා තරගයේදී බිහිවූ අලුත්ම වාර්තාව.
0 Comments