මතීෂ පතිරණ ගැන ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට වඩා වැඩිපුර ආඩම්බරයෙන් කතා කරන්නේ ඉන්දීය ක්‍රීඩාලෝලීන්.
ඒ බව පසුගිය ඉන්දීය ප්‍රිමිය ලීගය පුරාවට දැක ගන්න හැකියාව ලැබුණා.
මේ අතරම මතීෂ පතිරණ ශ්‍රී ලංකා 20-20 කණ්ඩායම තුල දක්වන දස්කම් ගැන බොහෝ වෙලාවට ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින්ගේ දැඩි අවධානයට ලක්වුණ අතරම ප්‍රසංශාවද හිමිවුණා.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ අති විශිෂ්ට පන්දු යවන්නෙක් වුණ ලසිත් මාලිංග පන්දු යවන ආකාරයට සමාන ඉරියව්වකින් පන්දු යවන මතීෂ ගැන වාර්තා වෙන අලුත්ම පුවත ගැනයි මේ කියන්න යන්නේ.
ලෝක 20-20 පන්දු යවන්නන්ගේ සුපිරි 100 දෙනා අතරට තේරිපත් වෙන්නට මතීෂ සමත් වුණා.ඔහු එහි 89 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.
තවත් පුවත් :
0 Comments