විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය අද (23) සමත්විය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 127ක් පමණි.
ඒ අනුව කණ්ඩායම් දෙකම මෙම තරගයේදී රැස්කළ මුළු ලකුණු සංඛ්‍යාව 275කි.
එය දෙරට අතර පැවති විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායම් දෙකම රැස්කළ අඩුම ලකුණු එකතුව ලෙස වාර්තා ගත විය.
තවත් පුවත් :
0 Comments