මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බැවින්, ඊට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් නියෝග කර තිබෙනවා.
තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට වසරක සිර දඬුවමක් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව, 2023 සිට 2024 මුල් භාගය දක්වා ඔහු පොලිස් රෝහලේ සුඛෝපභෝගී කාමරයක ගත කළ කාලය, ‘සිර දඬුවම් කාලය’ ලෙස ගණනය කළ හැකිද යන්න පිළිබඳව නැවත සමාලෝචනය කිරීමෙන් පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එහිදී, ඔහු පසුගිය වසරේ දීර්ඝ කාලයක් රෝහල්ගතව සිටීම නීති විරෝධී බවත්, ඔහුට බැංකොක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිර දඬුවමක් නියම කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
වසර 15ක පිටුවහල් ජීවිතයකින් පසු තායිලන්තයට නැවත පැමිණීමෙන් පසු, 76 හැවිරිදි තක්සින් ෂිනවත්‍රා, වංචා සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් 2023 දී වසර අටක සිර දඬුවමකට යටත් වූ අතර, පසුව එරට රජු විසින් ඔහුගේ සිර දඬුවම වසරක් දක්වා අඩු කර තිබුණා.
පසුව, ඔහුගේ වයස හේතුවෙන් ඔහුව කලින් නිදහස් කිරීමටද කටයුතු කර තිබුණු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


0 Comments