කෙහෙළිය ඇතුළු පවුලේ අයට එරෙහි නඩුවක් අධිකරණය විසින් අවසන් කරයි


ඒ අනුව, අදාළ නඩුව අද (09) කැඳවූ අවස්ථාවේදී, විත්තිකරුවන්ට නිසි දිනවල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම විමර්ශනයට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇති අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම නඩු කටයුත්ත අවසන් කළ හැකි බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුතු අවසන් කිරීමට තීන්දු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, විත්තිකරුවන්ට මහාධිකරණය හමුවේ නිසි දිනවල පෙනී සිටින ලෙස නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අවධියේ අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු සහ වාහන අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනා යන අය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබුණා.

Post a Comment

0 Comments