කාබුල් ගුවන් තොටුපල වෙත ISIS ත්‍රස්ත තර්ජනයක් මතුවිය හැකි යයි වාර්තා පළ වෙමින් පවතී.
අද උදෑසන බ්‍රිතාන්‍යයේ ආරක්ෂක ඇමතිවරයා පැවසූයේ ඊළඟ පැය කිහිපය තුළ ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බව ය. එහෙයින් කාබුල් ගුවන් තොටුපල දෙසින් ඉවත්වන ලෙස ඔහු අනතුරු අඟවයි.
මේ අතර ඇමරිකා එක්සත් ජනපදය ද ඊයේ ප්‍රකාශ කළේ මෑතකදී තලේබන්වරුන් විසින් බන්ධනාගාරගතව සිටි පිරිස් නිදහස් කිරීම නිසාවෙන් ISIS සාමාජිකයන් ද නිදැල්ලේ හැසිරෙනු ඇතැයි සිතිය හ්ක්කි බව ය.
මේ අතර යුරෝපා රටවල් කිහිපයක් මේ වනවිට කාබුල්වලින් පිටත්වන සිය ගුවන් යානාවල ගමන් අවසන් කරමින් සිටියි. ජර්මනිය අද එම ගුවන් ගමන් අවසන් කරන බව වාර්තා වේ.
මීට ස්වල්ප මොහොතකට පෙර තලේබාන් සංවිධානය ප්‍රකාශ කළේ ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ නේටෝ සංවිධානය වෙත අනතුරු අඟවන ලද්දේ තමන් බව ය.
0 Comments