තහනම් උත්තේජක භාවිතා කිරීමට වරදකරු වූ නිරෝෂන් දික්වැල්ල ගැන දැන් අලුත්ම ලැබුණ පුවත.


නිරෝෂන් දික්වැල්ල සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිවේදනයක් සිදුකර තිබෙනවා.

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහනම් උත්තේජක උල්ලංඝණය කිරීමේ චෝදනාව මත ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පනවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබෙන්නේ තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලට සහභාගි වීම අත්හිටුවා ඇති බවයි.

අත්හිටුවීම වහාම ක්‍රියාත්මක වන අතර නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වේ.

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) විසින් පවත්වන ලද මෙම පරීක්ෂණය, ක්‍රීඩාවේ අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා සිදුකරන්නක්.

ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් සහ ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ (WADA) මාර්ගෝපදේශයන්ට අනුව ක්‍රියාත්මක කරන ලද මෙම මුලපිරීම, ක්‍රිකට් ක්‍රීඩාව තහනම් ද්‍රව්‍යවල බලපෑමෙන් නිදහස්ව පවතින බව සහතික කිරීම අරමුණු කර ගත් ක්‍රියාවලියක්.

SLC, ක්‍රීඩා අමාත්‍යාංශය සහ SLADA සමඟ එක්ව, තහනම් උත්තේජක විරෝධී උල්ලංඝනයන්ගෙන් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීම සඳහා අහඹු ලෙස දේශීය තරඟාවලි අතරතුර මෙම පරීක්ෂණ පවත්වනු ලබනවා.

පිරිසිදු හා සාධාරණ ක්‍රීඩාවක් සඳහා වූ කැපවීම අතිශයින් වැදගත් බව එම නිවේදනයේ සඳහන්.

තවත් පුවත් : 

Post a Comment

0 Comments