එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරඟය නැමීබියාව සමග පැවැත්වෙනවා.
ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මස 18 වනදා අබුඩාබි හිදී මෙම තරඟය පැවැත්වෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය ඔක්තෝබර් මස 20 වන දා අයර්ලන්තය සමඟත් තුන්වන තරගය 22 දා නෙදර්ලන්තය සමඟත පැවැත්වීම නියමිතයි.
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඔක්තෝබර් මස 17 වනදා ඕමානය හා පැපුවානිව්ගිනියා කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.
0 Comments