‘වසරකින් ශ‍්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වේවි..’- දරුණු ආර්ථික කුණාටුව මැද පලපුරුදු කපිතන් කියයි..

 දැනට සැලසුම් කර ඇති පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කළහොත් තවත් වසරකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවක් කළ හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

කොළඹදී මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

‘මේ වෙද්දි කරන්න සැලසුම් කරලා තියෙන දේවල් අපට සම්පූර්ණ කරගන්න පුළුවන් වුනොත් ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීම හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන කාරණා අපිට පුළුවන් වුනොත් මේ දේවල් ඉදිරි මාස හය හත ඇතුලත අවසන් කරන්න රටේ ආර්ථිකය මාස 12 ක් වැනි කාලයක් තුල යම් ස්ථාවර තැනකට පැමිණේවි. භාණ්ඩ මිල පහළ යාමක් ගැන නෙවෙයි මේ කියන්නේ නමුත් ආර්ථිකය මීට වඩා වෙනස් තැනක ස්ථාවර වේවි’ යනුවෙන් ඔහු සදහන් කලේය.

Post a Comment

0 Comments