වනිඳුට සහ දුෂ්මන්තට IPL දෙවැනි අදියර සඳහා අවසර ලැබේ

Wanidu hasaranga and Dushmantha Chameera


එළඹෙන සැප්තැම්බර් මස ආරම්භ වීමට නියමිතය IPL ක්‍රිකට් තරඟාවලියේ දෙවන අදියර සඳහා Royal challengers Bangalore කණ්යඩායම නියෝජනය කිරීම සඳහා කැඳවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග ට සහ දුෂ්මන්ත චමීර එම තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

වනිඳු සහ දුෂ්මන්තට Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර තිබුනේ දැනට ටික දිනකට පෙර උවත්  ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි අවසරය ලැබී නොතිබුණු අතර, ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි අවසරයේ ඇති අවශ්‍යතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා පෙන්වා දී තිබුණි. 

මේවන විට නියමිත නිල ක්‍රමවේද මත වනිදු සහ දුෂ්මන්ත කල ඉල්ලීම සලකා බලා ඔවුන් එම තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Post a Comment

0 Comments