නැගෙනහිර ජැටිය රැකගත් ආකාරයෙන්ම කෙරවලපිටිය යුගදනවි තාප බලාගාරය රැක ගැනීමට කටයුතු කරන බව ආණ්ඩුවේ හවුල්කාර සුළු පක්ෂ කියා සිටී.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නියෝජිතයන් ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව බව කියා සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ සුළු පක්ෂ 11ක නායකයන් බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දී සාකච්ඡාව සිදු කරන ලදී.
කෙලවරපිටය බලාගාරය ඇමරිකාවට ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් පැමිණි විගසම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා සමඟ ඇතුළු තවත් නායකයන් සමග අදහස් හුවමාරු කර ගැනීමට තීරණය කළ බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
එහිදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ දේශපාලන තීන්දුවක් ගන්න උත්සාහ කරන බවත් එවන් තීන්දුවක් ගනිද්දී කොල කෑලි වල අත්සන් කළ දේවල් වලංගු නොවනු ඇති බවත්ය.
අදාළ ගිවිසුම ගැන කැබිනට් මණ්ඩලයේ මණ්ඩලයේද සාකච්ඡා වූයේ ඉතා සුළු වශයෙන් බවද ඔහු පැවසීය.
Lankalnews, Lnews, Cnews, LankaCnews, Gossip, Sinhala News
0 Comments