වයස අවුරුදු 15 ක සිසුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 18 හැවිරිදි තරුණියක් දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිසුවා සිය පාඩම් කටයුතු සඳහා උදව් ලබාගැනීමට තම ඥාතියෙකු වන සැකකාර තරුණියගේ නිවසට ගොස් තිබෙනවා.
එහිදී ඇය විසින් මෙම පිරිමි දරුවා ව විවිධ උපක්‍රම යොදාගනිමින් ලිංගික කටයුතු සඳහා පොළඹවාගෙන තිබෙනවා. පසුව ඇය විසින් මෙම දරුවාව බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව දැනගත් සිසුවා ගේ දෙමව්පියන් පොලිසිය දැනුවත් කර තිබෙන අතර ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය විසින් අදාළ තරුණිය අත්අඩංගුවට ගැනුනා.
ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපයෝජන ලක්වූ සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර තිබේ.
0 Comments