ජිප්ප්‍සීස්ර සංගීත කණ්ඩායමේ නායක, ගයන ශිල්පී සුනිල් පෙරේරා මහතා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතිබව පවුලේ ආරංචි මාර්ග හරහා වාර්තාවේ. මේ වනවිට ඔහු 68 වන වියේ පසුවිය.
පසුගිය මාසයේදී ඒ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගාතුර වූ අතර පසුව සුවය ලබා නිවස වෙත ගොස් තිබිණි.
නමුත් නැවතත් ඇති වූ රෝගී තත්ත්වයක් මත සුනිල් පෙරේරා මහතා ව ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව ඊයේ (05) වාර්තා විය.
0 Comments