“2021 වසර සඳහා වන මිස් ටීන් ඉන්ටර්නැෂනල් බොට්ස්වානා” කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියක් වන ගිම්හානි පෙරේරා විසින් දිනාගත්තාය.
එම තරඟයේ අවසන් වටය 19 දින රාත්‍රී පැවැත්වුනු අතර එහීදී අවසන් තරගකාරියන් 14 දෙනෙකු අභිබවා යමින් ගිම්හානි පෙරේරා මෙම කිරුළ හිමිකර ගැනීමට සමත්වි තිබේ.
තවමත් 17 හැවිරිදි තරුණියක් වන ඇය මෙම ජයග්‍රහණයෙන් අනතුරුව මිස් ටීන් ජාත්‍යන්තර තරඟාවලිය වෙනුවෙන් බොට්ස්වානා රාජ්‍යය නියෝජනය කිරීමට නියමිතව ඇත.
ඇගේ ජයග්‍රහණය සම්බන්ධව තම මුහුණුපොතේ සටහනක් තබමින් සදහන් කර තිබුණේ මෙම කිරුළ දිනා ගැනීමට හැකිවීම තමාට මහත් අභිමානයක් වන බවය.
එමෙන්ම මිස් ටීන් ජාත්‍යන්තර කිරුළ හිමිකර ගැනීමට තමන් නොඉවසිල්ලෙන් සිටින බවද ඇය සදහන් කර තිබිණි.
0 Comments