විරාට් කෝලි නායකත්වයෙන් ඉවත්වූ හේතුව

 

විරාට් කෝලි නායකත්වයෙන් ඉවත්වූ හේතුව

ඉන්දීය 20 - 20 කණ්ඩායමේ නායකත්වයෙන් විරාට් කෝලි ඉවත්වීමට තීරණය කළ හේතුව මේවන විට අනාවරණය වී තිබේ.

පසුගිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයෙන් නවසීලන්තයට පරාජය වීමත් සමඟම කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් සහ විරාට් කෝලි අතර මතගැටුම් උත්සන්නවී තිබුණි.

විශේෂයෙන්ම උප නායක අජින්ක්‍යා රහනේ, චෙතෙස්වර් පුජාරා සහ රවිචන්ද්‍රන් අශිවින් කෝලි සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන් විය.

ඉන් අනතුරුව එරට ක්‍රිකට් බලධාරීන් විසින් කෝලි සම්බන්ධව අනෙකුත් ක්‍රීඩකයින්ගෙන්ද තොරතුරු විමසා සිටි අවසාථාවේදී බොහෝ ක්‍රීඩකයින් කෝලිට එරෙහිව අදහස් ප්‍රකාශ කර තිබූ බව සඳහන් විය.

ඉන්දීය T20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට විරාට් කෝලි තීරණය කර ඇත්තේ ඉන් අනතුරුව බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Post a Comment

0 Comments