ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධූරය භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කල ඉල්ලීමක් අනුව මෙම පියවර ගෙන ඇත.
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ රවිනාථ ආර්යසිංහ මහතා පසුගියදා එම ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සදහා මහින්ද සමරසිංහ මහතා මෙසේ පත් කෙරෙනු ඇත.
මහින්ද සමරසිංහ මහතා අස්වීම හේතුවෙන් කළුතර දිස්ත‍්‍රික් මනාප ප‍්‍රතිඵල අනුව ලලිත් වර්ණකුමාර මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දිමට නියමිතය.
0 Comments