වර්තමාන ආණ්ඩුව සමඟ එකතු වී සිටින සුළු දේශපාලන පක්ෂ වලට ආණ්ඩුවෙන් ඉවත්ව යාමට අවශ්‍යතාවක් පවතී නම් ඕනෑම අවස්ථාවක ඔවුන්ට එම තීරණය ගත හැකි බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔවුන්ව බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. එමෙන්ම ඔවුන් ඉවත්ව ගියද ආණ්ඩුව කඩා නොවැටෙන බව අගමැතිවරයා පවසනවා.
කෙසේ නමුත් වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා පැවසූයේ සුළු පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වීම විපක්ෂ දකින සිහිනයක් පමණක් බවයි.
0 Comments