”ජනාධිපතිතුමා කොහේදෝ ගමනක් ගිහින් එනවා. එනකොට කලර් ලයිට් තියන හතරමං හන්දියක එකපැත්තක පාර වහලා. අනිත් පැත්තට විතරක් පාර ඇරලා… මේ වගේ දේවල් දැක්කහම එතුමට කේන්ති යනවා…
ඇයි මේ විදිහට මට යන්න පාරවල්වල පැත්තක් වහන්නේ කියලා ජනාධිපතිතුමා ආරක්ෂක නිලධාරීන්ට හොඳටම බැන්නාලූ?..” ඒත් පාර වහන්න කියලා නිලධාරීන් කියලා නෑ. නමුත් නිලධාරීන් බැණුම් අහගෙනම ගිහිල්ලා වෙලා තිබුණෙ මොකක්ද කියලා හොයාගෙන ජනාධිපතිතුමාට කියලා.
බැලින්නම් ජනාධිපතිතුමා එන්න මොහොතකට කලින් එතනින් අපේ ඇමැති කෙනෙක් ගිහින්. එක දිගට වාහන අටයිලූ. ඒකට තමයි පාර වස්සවලා තියෙන්නෙ…”
"ඇත්තටම එහෙම උනාම මිනිස්සු බණින්නේ ජනාධිපතිතුමාට… කවුද ඉතින් ඒ ගිය ඇමැති…”
”ඔන්න මම නං නෙමෙයි…” බැසිල් කීවේය.
”ඔන්න මමත් නෙවෙයි…” ඩලසුත් කීවේය. සියල්ලෝම හඬනගා සිනාසෙන්නට පටන් ගත්හ.
මේ අතර ගුවන් විදුලිය වෙනුවෙන් සභාපති හඞ්සන් සමරසිංහ ලොකු අවනඩුවක් කියන්නට පටන් ගත්තේය.
”මේවා ගොඩ ගන්න බැරි විදියට වට්ටලා තියෙන්නෙ. මේ පාපෙට කරගහලා මමත් දැන් මාස දෙකක් වෙනවා…”
”මටත් ඕකමනේ වෙලා තියෙන්නේ… මමත් මේකට කර ගහලා මාස දෙකයි දවසයි. ඔබට වඩා දවසයි වැඩි. නමුත් ඉතින් මම නං මේක කරුමයක් හැටියට සලකන්නෙ නෑ. මේ ආර්ථිකය නගා සිටුවන්න අපි අපිට පුළුවන් හැම දෙයක්ම කරනවා. මේවා අභියෝග. අභියෝග දමල පැනලා දුවන්න අපිට බැහැ…
අනිත් එක තමයි ආයතනයක් කරනකොට හොයන්න ඕන සේවකයෝ ඉන්නේ සතුටින් ද කියලා. සේවකයෝ සතුටින් නැති කිසිම ආයතනයක් දියුණු වෙන්නේ නෑ…” බැසිල් හොඳ අවවාදාත්මක කතාවක් කළේය.
0 Comments