Covid - 19 එන්නත ගත් අයට වෙන දේ ගැන ඉන්දියාව කළ අනාවරණය


 කොරෝනා රෝග නිසා සිදුවිය හැකි මරණය වැළැක්වීම සඳහා එක් එන්නත් මාත්‍රාවකින් සියයට 96.6 ක් සහ කොවිඩ් එන්නත් මාත්‍රා දෙකෙන් සියයට 97.5 ක් ඵලදායීතාවයක් ලැබෙන බවට ඉන්දියාවේ වසංගතය ක්‍රියාත්මක වූ අප්‍රේල් සහ අගෝස්තු මාස අතර දත්ත උපුටා දක්වමින් එරට රජය අනාවරණය කර සිටියා.

එන්නත් ලබා ගැනීම් මරණය පාලනය කළ හැකි බවට ඉන්දීය රජය විසින් මෙම වාර්තා උපුටා දක්වමින් පෙන්වා දෙන අතර ඔවුන් පවසා සිටියේ මාරාන්තික දෙවන කොරෝනා රැල්ලෙන් මිය ගිය බොහෝ පිරිසක් කිසිදු මාත්‍රාවක් හෝ ලබා නොගත් පිරිසක් බවයි.

ඉන්දියාවේ කොරෝනා වෛරස් මර්දන වැඩසටහනේ ප්‍රධානී වීකේ පෝල් විසින් මෙම දත්ත අනාවරණය කරමින් පවසා සිටියේ එන්නත වෛරසයට එරෙහි වැදගත්ම පලිහ බවයි.

පුර්ණ එන්නත් ක්‍රියාවලිය කර පිරිස අතර ආසාදනය හෝ මරණ සිදු වූවද ඒවා මරණ අනුපාතයට හේතු නොවන බවත්, ඔවුන්ට නැවත ආසාදනය වූවහොත් රෝහල් ගත වීමේ අතිශය පහත මට්ටමක පවතින බවද මෙහිදී ඉන්දීය රජයේ වාර්තා උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබේ

Post a Comment

0 Comments