හලාවත කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට අයත් උප පොලිස් පරීක්ෂකවරයෙකු අඹකදවිල ධීවර ගම්මානයේ කාන්තාවක් තනිවම සිටිනා නිවසකට ඇතුළුවීමේදී ගම්වාසින් විසින් අල්ලා පහරදී පොලිසියට භාරදී තිබෙනවා.
එම තරුණියගේ සැමියා ධීවරයකු වන අතර ඔහු ධීවර කර්මාන්තය සඳහා මුහුදු ගොස් සිටින අතරතුර මෙම නිලධාරියා නිතරම එම නිවසට හොර රහසේම පැමිණ තිබේ.
සැමියා ළඟ නැති පාළු මැකීමට රෑට රෑට පැමිණෙන එම පුද්ගලයා පිළිබඳව ගම්වැසියන් ඇගේ සැමියා සහ ඥාතීන් දැනුවත් කර තිබෙනවා.
සුපුරුදු පරිදි තම රහසිගත පෙම සොයා පැමිණි SIට ගම් වැසියන් එකතුවී හොඳ හැටි පහරදී තිබේ.
මදි නොකියන්න පහර කෑ පොලිස් උප පරීක්ෂකවරයා තමාගේ කැරට්ටුව ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය වලට මුදානොහරින ලෙස ගම් වැසියන්ට වැඳ වැටී ඇති බවත් වාර්තා වනවා.
මෙම නිලධාරියා වයස අවුරුදු 52ක් වන වරකපොල ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙකු වන අතර කාන්තාව වයස අවුරුදු 30 ටත් වඩා අඩු තැනැත්තියක බවයි වාර්තා වෙන්නේ.
දරුවන්ද නොමැති ඇය මෙම පොලිස් නිලධාරියා සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බවටයි මෙතෙක් අනාවරණය වී තිබෙන්නේ.
කෙසේ නමුත් මෙය කිසියම් බලහත්කාරකමක් මත සිදුවූවාදැයි යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
0 Comments