හයිටියේ අගනුවර වන පෝට්-ඕ-ප්‍රින්ස් හිදී අපරාධ කල්ලි සාමාජිකයින් විසින් ඇමරිකානු ක්‍රිස්තියානි මිෂනාරිවරුන් සහ දරුවන් ඇතුළු 17 දෙනෙකු පමණ සෙනසුරාදා පැහැරගෙන ගිය බව එහි ආරක්ෂක නිලධාරිනගේ ප්‍රකාශ උපුටා දක්වමින් නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කළේය.
මිෂනාරිවරුන් අර්බුදයෙන් ගිලී සිටි කැරිබියානු ජාතියේ අනාථ නිවාසයක් හැර යමින් සිටියදී මෙම පැහැර ගැනීම සිදු වූ බව ටයිම්ස් පුවත්පත පවසයි.
හයිටි හි වෙනත් ගමනාන්තයකට යාමට පෙර කණ්ඩායමේ සමහර සාමාජිකයින් බස්සවා ගැනීම සඳහා ගුවන් තොටුපළ බලා ධාවනය වූ බස් රථයකින් ඔවුන් පැහැරගෙන ගිය බව ප්‍රාදේශීය නිලධාරින් උපුටා දක්වමින් වාර්තාව වැඩි දුරටත් පැවසීය.
0 Comments