2022 අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට


ලබන වසර(2022) සඳහා වන රජයේ අයවැය ලේඛනය නොවැම්බර් මස 12 වැනිදා පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත්කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට පසුගියදා දැනුම් දුන්නේය.

එම පනත් කෙටුම්පතට අමාත්‍යය මණ්ඩලයේ අනුමැතියද ඉකුත්දා හිමිවිය. 


Post a Comment

0 Comments