කෝටි 7 ක රත්තරන් බිස්කට් සමග සැකකරුවෙක් රේගු දැලේ

 

කෝටි 7 ක රත්තරන් බිස්කට් සමග සැකකරුවෙක් රේගු දැලේ

රුපියල් කෝටි 7ක පමණ වටිනා කමකින් යුත් රන් බිස්කට් තොගයක් සිරුරේ සඟවාගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින්  පිට වීමට උත්සාහ කළ පුද්ගලයෙකු අද අළුයම අත්අඩංගුට ගෙන තිබෙනවා.

රේගුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර පසුව අනාවරණය වූයේ සැකකරු ගුවන් තොටුපලේ පිරිසිදු කිරීමේ අංශයේ සේවකයෙකු බවයි.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව තිබී 4848g බර ඇති රත්තරන් බිස්කට් 48ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම රත්තරන් තොගය මේ වන විට රාජසන්තක කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.

Post a Comment

0 Comments