‘මහින්ද-ස්ටාලින්’ රට කැළඹූ පින්තූරයේ කතාව හෙලිවෙයි.. කෝටි 85ක කතාවකුත් පැටලේ..

මහින්ද-ස්ටාලින්’ රට කැළඹූ පින්තූරයේ කතාව හෙලිවෙයි

 

ගුරු විදුහල්පති විරෝධතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම ගුරු විදුහල්පති සංගම් නියෝජිතයන් අතර අරලියගහ මන්දිරයේදී ඊයේ සාකච්ඡාවක් පැවත්වින.

මෙම සාකච්ඡාව අතරතුර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමීපව සාකච්චා කරන පින්තූරයක් සමාජ ජාල ඔස්සේ සංසරණය විය.

එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා අතර වූ සංවාදය දෙරණ රූපවාහිනී පැවැති වැඩසටහනක දී ‍ශ‍්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය හෙළි කළාය.

“මෙතුමා ගිහින් කිව්වා අගමැතිතුමාට, සර් මම ජෝසෆ් ස්ටාලින්. මට මඩ ගහනවා කෝටි 85ක් ආවා කියලා කිව්වා. එතකොට මං කිව්වා, ඔව් සර් ඒ ගැන හොයන්න කියලා. ඊට පස්සේ අගමැතිතුමා මෙතුමගේ පිටට අත තියලා කිව්වා අපි සේප්පුවක් හදලා දෙමු ඒක දාන්න කියලා. ඒකයි එතන යන දෙබස”

ඇය විසින් පැවසූ දේය සත්‍ය බව ස්ටාලින් මහතාද එහිදී පැවසීය.

“ඕව් ඔව්. මෙතුමිය ළඟට ආවාම මම කිව්වා. මෙයා හැම වෙලේම කියනවා කෝටි 85ක් හම්බුණයි කියලා අපිට. මොකක්ද මේ කථාව කියලා. විහිළු කථාවක් මේ කරන්නේ හැමවෙලේම. ඇයි ඉතින් මේ වගේ බොරු කියනවා නේ.”

Post a Comment

0 Comments