පානීය ජල සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධ ශ්‍රී ලංකා කියුබානු විශේෂඥ සහයෝගීතා වැඩපිළිවෙලක්.

 


කියුබානු රජය මඟින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ජල සම්පාදන ආයතනයේ විශේෂඥයන්ගේ දැනුම සහ සහයෝගය ශ්‍රී ලංකාවේ ජල සම්පාදන ක්‍රියාවලියට ලබාදීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බවත් ශ්‍රී ලංකාවේ ජල සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වියත් ඉංජිනේරුවරුන්ගේ සහ විශේෂඥයින්ගේ දැනුම ද කියුබානු රජය වෙත ලබාදෙන ලෙසත් කියුබානු නව මහ කොමසාරිස් අන්ද්‍රේයස් මාචොලො ගොන්සාලෙස් ගාරිඩෝ මහතා ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගෙන් ඉල්ලා සිටියි.

කියුබානු මහ කොමසාරිස්වරයා අද ජල සම්පාදන අමාත්‍යාංශයේ දී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හමුවුනු අවස්ථාවේ දී මෙම ඉල්ලීම කරන ලදී.


මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ කියුබානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර දීර්ඝ කාලීන සුහද මිත්‍රත්වයක් ඇති බවත් එම මිත්‍රත්වය සුහදතාවය ශක්තිමත් කිරීමක් වශයෙන් ඔබගේ පැමිණීම විශේෂයෙන් අගය කරන බවත් කියා සිටියේය.

ජල සම්පාදනය සම්බන්ධයෙන් කියුබානු රජයේ ජල විශේෂඥයින්ගේ දැනුම සහ තාක්ෂණික සහය ලබාගැනීමට අප අමාත්‍යාංශය සතුටින් අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාවේද විශිෂ්ඨ දැනුම සහ පළපුරුද්දකින් සමන්විත වියත් ඉංජිනේරුවන්ගේ දැනුම සහ සහයෝගය ඔබගේ ආරාධනය පරිදි කියුබානු ජල රාජ්‍ය ජල සම්පාදන ආයතනය වෙත ලබාදීමට කටයුතු කරන බවත් කියා සිටියේය.

කියුබානු තානාපතිතුමන්ගේ ඉල්ලීම කල් නොහැර අදම අප විසින් ආරම්භ කරන බවත් මෙහිදී අමාත්‍යතුමා වැඩිදුරටත් දන්වා සිටියේය.

මෙම අවස්ථාවට ජල සම්පාදන අමාත්‍යතුමාගේ උපදේශක සඳක ගුණසේකර, සම්බන්ධිකරණ ලේකම්වරුන් වන ඩී.වී.ඩී. තිලකසිරි සහ ඩඩ්ලි කලංසූරිය යන මහත්වරුන් ද සහභාගී විය.    

Post a Comment

0 Comments