කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.
පොහොර ගැටළුව විසදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහනුවර - ගලගෙදර දී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.
මේ අතර, අදත් පොහොර ගැටළුව මුල් කර ගනිමින් ප්‍රදේශ රැසක ගොවි විරෝධතා පැවැත්වුණා.
ගොවි ජනතාව චෝදනා කළේ තමන්ට මහ කන්නයේ වී වගාව සඳහා පොහොර නොලැබීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.
ප්‍රදේශ රැසක අද දිනයේදීත් ගොවි විරෝධතා පැවති අතර එහිදී ගොවීන් මෙලෙස අදහස් දක්වා සිටියා.
කෙසේ වෙතත්, මේ මස අවසන් වීමට පෙර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත අවශ්‍ය පොහොර ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.
ඒ පොහොර ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ නිවසේ ඊයේ පැවති සාකච්ජාවකට එක්වෙමින්.
අදාල සාකච්ඡාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ නියෝජනය කරන සියළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් එක්ව සිටියා.
0 Comments