වාසු-විමල්-උදයට එරෙහිව විනය පරීක්‍ෂණ කැදවයි.. ඔවුන් ජනපති-අගමැති සිහින වලලු..

වාසු-විමල්-උදයට එරෙහිව විනය පරීක්‍ෂණ කැදවයි.. ඔවුන් ජනපති-අගමැති සිහින වලලු..

 

ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සම්බන්දයෙන් විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස පක්‍ෂයට යෝජනා කරන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

අද ඔවුන් ගැලරිය පිනවීම නොව රටේ ආර්ථිකය ගොඩගැනීමට කටයුතු කල යුතුව ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

නමුත් එම ඇමතිවරුන් හැමදාම කලේ ගැලරියට සෙල්්ලම් කිරීම පමණ් බවත් ඔහු තව දුරටත් පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

පසුගියදා මහජන සභාවක් කැඳවා ඔවුන් විසින් සිදුකළ ප්‍රකාශ ගැන කනගාටු වන බවද කී ඇමතිවරයා එහිදී එල්ල කල චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවද පැවසීය.

යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් විකිණීම පිළිබඳ ගැටළුවක් නැති බව මෙම ඇමතිවරුන් තිදෙනාම පවසා ඇති බවත් ගෑස් ඒකාධිකාරය ඇමරිකාවට නතු වීම පිළිබඳ ගැටලුවක් ඇති බව පණක් කැබිනට් හමුවේ දී ප්‍රකාශ කළ බවත් ඔහු පැවසීය.

අනාගත ජනාධිපති අගමැති සිහින වෙනුවෙන් කැඩ කරන්නේ නම් ඇමැති ධූර අතහැර ඒ වෙනුවෙන් කටයුතු කළ යුත් බවද මොවුන්ගේ හැසිරීම පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගන්නැයි පක්ෂයට යෝජනා කරන බව ද ඔහු කීය.

ආණ්ඩුවේම සිටිමින් පුද්ගලික න්‍යාය පත්‍රවලට කටයුතු කිරීමට ඉඩ නොදෙන බවද ඔහු තව දුරටත් පැවසීය.

Post a Comment

0 Comments