ඩොලර් හිඟය හේතුවෙන් සීනි කන්ටේනර් 100ක් පමණ වරායේ සිරවී ඇති බව ආනයනකරුවන් පවසයි.
වෙළෙඳපොලේ මේ වන විට දැඩි සීනි හිඟයක් ඇති අතර සීනි තොග පවතින වෙළෙඳසල්වලද කිලෝවක් රුපියල් 155ත් 160ත් අතර පාලන මිල ඉක්මවා අළෙවිවේ.
මෙම තත්වය සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ සීනි කන්ටේනර් පමණක් නොව වෙනත් භාණ්ඩ විශාල සංඛ්‍යාවක් ඇතුළත් මෙටි්‍රක්ටොන් දහස් ගණනක් ඇතුළත් කන්ටේනර් 500ක් පමණ මේවන විට වරාය තුළ සිරවී ඇති බවත් එම කන්ටේනර් ආනයනකරුවන් 40කට අධික පිරිසකට අයිති බවත්ය.
වරාය තුළ සීනි කන්ටේනර් සිරවී තිබීම හේතුවෙන් ආනයනකරුවන් සතුව සීනි තොග නොමැති බවත් තොග රැස්කරගෙන සිටින පිරිස් වැඩි මිලට සීනි අළෙවි කරන බවට අනුමාන කළහැකි බවත් ඔහු පැවසීය.
මීට පෙර පැවැති ආකාරයට වාණිජ බැංකුවලින් සාමාන්‍ය පරිදි ඩොලර් නිකුත් කළේ නම් මෙවැනි තත්වයකට පත්නොවී දිනපතා කන්ටේනර් නිදහස් කරගන්නා බවත් ඩොලර් හිඟය සියලුම ආනයනරුවන්ට ප්‍රශ්නයක් වී ඇති බවත් සෙනෙවිරත්න මහතා පැවසුවේය.
0 Comments