මටත් පොළොන්නරුවේ යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ - මෛත්‍රී

මටත් පොළොන්නරුවේ යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ - මෛත්‍රී

මෙරට කෘෂිකර්මාන්තය මෑත ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම ඛේදවාචකයට මුහුණදෙමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 21 වන ගුණානුස්මරණ උත්සවයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

"බණ්ඩාරනායක මැතිනිය සාර්ථක නායිකාවක් වුණේ ඇයි. එතුමිය සැබෑ නායිකාවක් වුණේ එතුමියට වැඩකරන්න පූළුවන් හොඳ අවංක කණ්ඩායමක් හිටියා. ඒක තමයි රහස. අවංක කණ්ඩායමක් ඉන්න ඕනේ ඕනෑම කණ්ඩායමකට. අද පොහොර ගැන කථා කරනවා. ආහාර අර්බුදය ගැන කතා කරනවා, කෘෂිකර්මාන්තයේ අවුල ගැන කතා කරනවා. ඔබ දන්නවා ද කෘෂිකර්මාන්තය බලපතළ අවුලක. ගොවියා යන එනමං නැති තැනකට වැටිලා. මං හිතන්නේ මෑත ඉතිහාසයේ කෘෂිකර්මාන්තයේ ලොකුම ඛේදවාචකය දැන් සිදුවෙමින් පවතිනවා. මම දන්නේ නෑ ටික දවසකින් මට පොළොන්නරුවේ යන්න පුළුවන් වෙයිද කියලා. මොකද මෙහෙ එන්න එපා කියයි ද දන්නේ නෑ. ඒ තැනට ගොවීන්ගේ සංවේදීභාවය, ඔවුන්ගේ ලේවලට දැනෙන මහා පීඩනයක් ඇති වෙලා තියෙනවා. දැන් තියෙන ඩොලර් හිඟය 77 විවෘත ආර්ථිකය විසින් රට පාලනය කරපු සෑම කෙනෙක් ම කොටසක් මටත් එනවා. විවෘත ආර්ථිකය තුළ විදේශ වත්කම් නිසි කළමනාකරණයක් නොකිරීමේ පාපය තමයි අද ජනතාව දුක්විඳින්නේ ඩොලර් නැතුව."

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනි දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 21 වන ගුණානුස්මරණය අදට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් සංවිධානය කළ ගුණානුස්මරණ උත්සවයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (10) පැවතියේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ, "අද චීනයෙන් පොහොර ගෙන්වන්න බැරුව ඉන්දියාවෙන් පොහොර ගේනන හැදුවහම චීනයෙන් අහනවා ඇයි අපෙන් ගත්තේ නැත්තේ කියලා. අන්තිමට ලංකාවේ විසඳගන්න තිබුණ පොහොර ප්‍රශ්නේ අද චීනයයි ඉන්දියාවයි මැදිහත්වෙලා අහනවා ඇයි අපෙන් ගන්නේ නැත්තේ කියලා. බලෙන් හරි දෙන්න හදන්නේ."යනුවෙනි.

Post a Comment

0 Comments