රත්නපුර, කහවත්තෙන් හමුවුණු ලෝකයේ මෙතෙක් සොයාගත් විශාලතම මැණික් ගල් පොකුරක් පිළිබඳ පුවතක් පසුගිය ජුලි මස වාර්තාවිය.
එහි බර කිලෝග්‍රෑම් 510ක් වන අතර එය ආරනූල් වර්ගයේ විශාල මැණික් ගල් පොකුරකි.
ඒ පිළිබඳව මාධ්‍ය මගින් ප්‍රචාරයවීමත් සමඟ එහි වටිනාකම සම්බන්ධයෙන් මැණික් ක්ෂේත්‍රයේ විශේඥයින් විවිධ අදහස් පළ කල අතර ඇතැමුන් පැවසුවේ එය එතරම් වටිනාකමක් නොමැති බවයි.
මෙවන් පසුබිමක් තුළ මෙම මැණික් පොකුර ඊයේ(28) ඩුබායි බලා රැගෙන යාමට කටුනායක අන්තර්ජාතික ගුවන් තොටට රැගෙනවිත් තිබුණි.
ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන මැණික් ප්‍රදර්ශනයක් සඳහා මෙම මැණික් පොකුර ඉදිරිපත් කිරීමට නියමිතයි.
0 Comments