කොරෝනා වසංගතය හමුවේ මෙරට අපනයන ක්ෂේත්‍රයේ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් තහවුරු කරමින් ගෙවී ගිය සැප්තැම්බර් මාසයේදී අඛණ්ඩව සිව්වන වරටත් මෙරට භාණ්ඩ අපනයනය එක්සත් ජනපද ඩොලර් බිලියනයේ සීමාව පසුකරයි.
මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග මගින් අපට දැනගැනීමට හැකිවූ පරිදි සැප්තැම්බර් මාසයේදී අපනයන ඩොලර් බිලියන 1.006 කි.
මෙමෙ වර්ධනයත් සමග පළමු මාස නවය තුළ සිදු කළ අපනයන ඩොලර් බිලියන 8.8 ක් වූ අතර එය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 19% ක වර්ධනයක් පෙන්නුම් කරයි.
2021 ඉතිරි මාස තුනේදී ඩොලර් බිලියනයකට වඩා අපනයන ඉහළ යනු ඇති බව නිලධාරීන් විශ්වාස කරන අතර, එය එසේ නම්, මේ වසරේ අපනයන සඳහා අපේක්ෂිත ඩොලර් බිලියන 12 ක ඉලක්කය ලංකාව ලබා ගැනීමට හැකිවනු ඇත. සේවා අපනයන සමඟ මුළු අපනයන ඉලක්කය ඩොලර් බිලියන 16 ක් වන අතර පළමු මාස අට තුළදී සේවා අපනයන (33% කින්) බිලියන 2.18 දක්වා වර්ධනය වී තිබේ.
සැප්තැම්බර් මාසයේ ආනයනය ඩොලර් බිලියන 1.48 දක්වා අඩු වී ඇති අතර, එය මාසික සාමාන්‍ය ඩොලර් බිලියන 1.6-1.7 පුරෝකථනයට වඩා අඩුය. ආරංචි මාර්ග සඳහන් කල පරිදි වැඩි වන තෙල් මිල, කොවිඩ් එන්නත් සහ ඖෂධ ආනයනය සඳහා නොවේ නම් ආනයන වටිනාකම තවත් අඩු වන බවයි.
0 Comments