කාන්තාවන්ගේ ලිංගිකත්වය සහ ලිංගික ආකර්ශණය පිලිබඳ නවතම අනාවරණය

Sexuality of women

 කාන්තාවන් බහුතරය විරුද්ධ ලිංගිකයින් පමණක් ඇසුරින් ඈත්වී සමලිංගික සේවනයට යොමුව ඇතැයි ඇමරිකාවේ පර්යේෂණයකින් තහවුරු වී තිබේ.

බිබිසි වාර්තාවක පළවී තිබූ මේය නිව් යෝර්ක්හි “බිංග්හැම්ටන්” මානව ලිංගික පර්යේෂණාගාරයේ ෂෝන් මැසේ සහ ඔහුගේ සගයන් දශකයක පමණ සිට ලිංගක හැසිරීම් පිළිබඳ කළ අධ්‍යනයකින් සනාත කරගෙන ඇත.

2011 - 2019 කාලය තුළ විශ්ව විද්‍යාල වයසේ පසුවන කාන්තාවන් වැඩි වැඩියෙන් විරුද්ධ ලිංගිකයින් පමණක් ඇසුරෙන් ඈත්වී ඇතැයි ඔවුහු සොයා ගෙන තිබේ.

අධ්‍යයන වලට සහභාගී වූවන්ට තම ලිංගික කැමැත්ත සහ ලිංගිකත්වය වාර්තා කරන ලෙස ඉල්ලා තිබිණි.

2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇතතිබේ. 2011 දී එය 77%ක අගයක පැවතිණ.

එම වසර තුළ පුරුෂයන් සමඟ පමණක් ලිංගිකව හැසිරෙන කාන්තාවන්ගේ සංඛ්‍යාවද අවම වී තිබේ.

මේ අතර, පුරුෂයින්ගේ ආකර්ෂණය හා ලිංගික හැසිරීම් බොහෝ දුරට එකම කාල රාමුවක ස්ථාවරව පවතින බවත් වාර්තා වේ.

පුරුෂයන්ගෙන් 85%ක් පමණ කාන්තාවන්ට පමණක් ලිංගිකව ආකර්ෂණය වන අතර, 90%කට ආසන්න සංඛ්‍යාවක් කාන්තාවන් සමඟ පමණක් ලිංගික සම්බන්ධකම් පැවැත්වූ බව වාර්තා විය.

පසුගිය දශක කීපය තුළ සංස්කෘතියේ සැලකිය යුතු වෙනසක් කළ ස්ත්‍රීවාදයේ ප්‍රගතිය සහ කාන්තා ව්‍යාපාර වැනි දේවලින් සමාජ දේශපාලන දර්ශනයේ සිදු වූ කැපී පෙනෙන වෙනස මෙම තත්ත්වයට හේතුවවී ඇතැයි ෂෝන් මැසී සහ ඔහුගේ සගයන් පෙන්වා දෙයි.


Post a Comment

0 Comments