චීනයේ සිට මෙරටට ගෙන එන ලද පොහොර තොගය මෙරටට භාරගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ.
කොළඹ චීන තානාපතිවරයා සමඟ ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇත.
කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නිර්ණායක වලට අනුව ලබාදෙන පොහොර පමණක් භාර ගැනීමට සූදානම් බව අග්‍රාමාත්‍යවරයා විසින් චීන තානාපතිවරයාට දන්වා ඇති බවයි.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
0 Comments