පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කලේ සමගි ජන බලවේගය විසින් හෙට කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවය අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නැති බවයි.
නව ගැසට් නිවේදන නිකුත් කරමින් ආණ්ඩුව තම විරෝධතාවය නතර කිරීමට උත්සාහ කළ ද විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශාල ජන සහභාගීත්වයක් සහිතව විරෝධතාවය පවත්වන බවත් ඔහු පැවසීය.
මේ මොහොතේ පීඩාවට පත්ව සිටින ගොවීන් රාජ්‍ය සේවකයන් ඇතුළු සෑම ක්ෂේත්‍රයකම ජනතාවට ඒ සඳහා එක්වන ලෙස ආරාධනා කරන බවද ඔහු කීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලදි.
විරෝධතාවයට සහභාගි වීමට විශාල ජනතාවක් දැනටමත් පැමිණීමට සූදානමින් සිටින බවත් ඔවුන් සමඟ එක්ව ආණ්ඩුව පලවා හැරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බවත් ඔහු එහිදී තවදුරටත් පැවසීය.
0 Comments