ඉදිරියේ දී බිහි කරන අන්තර්කාලීන ආණ්ඩුව ‘ජාතික එකගතා ආණ්ඩුව’ ලෙස නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි.
එම ආණ්ඩුව ඉක්මනින් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට අදාළ කමිටුව නම් කර මේ වන විට ජනාධිපතිවරයාට යොමු කිරීමෙන් පසු අනුමැතිය ලැබී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
එසේ දේශපාලන පක්ෂ සමග අන්තර්කාලීන ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නම් කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ටිරාන් අලස් යන මන්ත්‍රීවරුන් පිරිසයි.
0 Comments